ඥානසාර හිමි හිර කලේ නොකියපු දෙවල්වලටයි. ජනාධිපති සමාවක් ලබාදෙන්න.

ඥානසාර හිමිට ජනාධිපති සමාවක් ලබාදෙන්න – සුදත්ත හිමි

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මිනි මැරුමකට හෝ කුඩු විකුනා හෝ ස්ත්‍රී දුෂණයක් කරලා සිරගත නොවූ බවත් රටත් සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් සහ රට රැක්ක රණ විරුවන් වෙනුවෙන් කතා කල නිසා උන්වහන්සේට සිරගත වීමට සිදුවූ බවත් උන්වහන්සේට ජනාධිපති සමාවක් හෝ ලබා දී නිදහස් කරන මෙන් තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමින් මගල්කන්දේ සුදත්ත හිමි ඉල්ලා සිටියා.

ඥානසාර හිමි මේ රටටත් ජාතියටත් උන්වහන්සේ අවශ්‍ය බවත් රටේ නිදහස පතා අභිතව හඬ නැගු උන්වහන්සේ වෙඩි හඬ මැද්දේ උතුරු නැගෙනහිර දෙපලාතේ යුධ හමුදා චිත්ත ධෛර්ය නැංවීම සඳහා යුධ සමයේදී කටයුතු කල බවත් පවසා සිටි සුදත්ත හිමි පන්සලේ තිබූ ඇඳ මෙට්ටේ පවා යුධ හමුදාවට පරිත්‍යාග කල සැබෑ ශක්තිමත් යතිවරයන් වහන්සේ නමක් බවත් අවධාරණය කල සිටියා.

ඥානසාර හිමි හිර කලේ නොකියපු දෙවල්වලටයි – අද නීතිපති රාජ්‍යයක් බිහිවෙමින් පවතිනවා

අධිකරණ ක්‍රියාවලියේ තිබෙන ගැටළු හේතුවෙන් ඊයේ මෙම තීන්දුව ලැබෙනු ඇති බවට තමන් අපේක්ෂා කල බව බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කර සිටියා. ඥානසාර හිමි නොකියපු දේවල්වලට අද හිරේ යන්න වූ බවත් මෙම තීන්දුව හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් නොවන බවත් සඳහන් කර සිටි විතානගේ මහතා පොලීසියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඕනෑම කෙනෙක්ව ඕනෑ විදිහට හිරකර හැකි නීතිපති රාජ්‍යයක් බිහිවෙමින් පවතින බවද සඳහන් කර සිටියා.

මෙය නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වැනි ක්‍රියාවලියක් බවත් රන්ජන් රාමනායක, නාගානන්ද, සුගන්දිකා යන අය පවසන කරුණුවල යම් අර්ථයක් තිබෙන බවත් දිලන්ත විතානගේ මහතා මෙහිදී අවධාරණය කර සිටියා.

The post ඥානසාර හිමි හිර කලේ නොකියපු දෙවල්වලටයි. ජනාධිපති සමාවක් ලබාදෙන්න. appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico