ඥාණසාර හිමියන් මාස හයක් සිරගෙට…

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාසය හයක සිර දඩුවමක් පැනවීමට හෝමාගම මහේස්ත්‍රාත්වරයා අද තීන්දු කළේය.

ඒ ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද, සන්ධ්‍යා එක්නැලිගොඩ හෝමාගම අධිකරණ භූමියේදී බැණ තර්ජණය කිරීමේ නඩුවට අදාලව දඩුවම නියම කරමිනි.

මේ අතර රුපියල් 15000 ක දඩයක් හා සන්ධ්‍යා එක්නැලිගොඩට රුපියල් 50000ක වන්දියක් ගෙවීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ වන විට අධිකරණය අවට විශාල පිරිසක් රැදී සිටින අතර, පොලිස් කැරළි මර්ධන ඒකකයද ස්ථානගත කර තිබෙන බවට අප වාර්තාකරු සදහන් කරයි.

The post ඥාණසාර හිමියන් මාස හයක් සිරගෙට… appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico