ජා.නි.පෙ.නායක විමල් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් වෙයි..!

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වරෙන්තුවකට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරනය අද (14) පෙරවරුවේ නියෝග කොට තිබෙනවා. ඒ ඔහු අධිකරණය මග හැරීම හේතුවෙන්. මිට පෙර අවස්ථාවන්හිදීද ඔහු අධිකරණයට පැමිනීමෙන් වැළකී සිට තිබෙනවා.එම වරෙන්තු නියෝගයෙන් පසුව ඔහු අද පස්වරුවේ මෝසමක් ඉදිරපත් කිරීම සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා. අධිකරණ ආරංචිමාර්ග පැවසුවේ පස්වරු 3.00 පමණ වනවිට මන්ත්‍රීවරයා අධිකරණයට පැමිණ සිටි බවයි. විමල් වීරවංශ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ළඟ තබාගෙන විදේශගත වීමට තැත් කිරීම මත මෙම නඩුව පවරා තිබෙනවා.

The post ජා.නි.පෙ.නායක විමල් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් වෙයි..! appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico