ජවිපෙ උද්ඝෝෂණය ගැන ගම්මන්පිල කතා කරයි

ජවිපෙ උද්ඝෝෂණය ගැන ගම්මන්පිල කතා කරයි

ජනතා විමුක්ති පෙරමුණ වත්මන් ආණ්ඩුවට එරෙහිව කොළඹදී උද්ඝෝෂණයක් සුදානම්කර තිබුණද වත්මන් ආණ්ඩුවට රට විනාශ කිරිමට හැකි වුයේ රජයට බලයට එමට එම පක්ෂය උදව් කල නිසා බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එය එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතාද පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කර තිබෙන බවද මන්ත්‍රීවරයා පවසයි.

එසේම වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙන විට ජනාවට ලබා දුන් පොරෝන්දු ඉටු කළේ නම් පේට්‍රල් ලීටරයක් රු101ට ලබා දිය හැකි බවද මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

ලෝක වෙළඳපොලේ තෙල් මිල අනුව මෙරට සිල්ලර මිල නියම කිරීම සඳහා ආණ්ඩුව විසින් මිල සූත්‍රයක් හඳුන්වා දුන්නේ 2018 ජූලි මාසයේ 10 සිට බවත් එය සම්බන්ධයෙන් තොරතුරු එළි දැක්වුයේ තොරතුරු දැන ගැනීමේ අයිතිය උල්ලංඝණය කිරීම පිලිබඳ පළමු මූලික අයිතිවාසිකම් නඩුව ගොනු කරන බවට තම කණ්ඩායම ආණ්ඩුවට කළ අනතුරු ඇගවීමෙන් පසුව බවත් මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේය.

එමෙන්ම මාධ්‍යෙවදින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රිවරයා පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීයාව සමඟ අත්සන් තැබු ගිවීසුම් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ යුතු බවයි.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico