ජයන්ත ධර්මදාස සොයුරු උපාලිව පාවාදෙයි..!

පසුගිය සෙනසුරාදා (22) ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර සිට ඩුබායි හරහා කොළඹ බලා පැමිණෙමින් සිටි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, කෝටිපති ව්‍යාපාරික උපාලි ධර්මදාස මහතා ඩුබායි ගුවන් තොටුපලේදී ආගමන විගමන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහුගේ සොයුරු, තවත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයෙකු වූ ජයන්ත ධර්මදාස මහතාගේ ඔත්තුවක් මත යැයි වාර්තා වේ.
 
ජයන්ත ධර්මදාස මහතා සිය සොයුරු උපාලි ධර්මදාස මහතාව පාවා දී ඇත්තේ, ජයන්තට අයත් ඩුබායිහි ඇඟලුම් කම්හලක අයිතිකරු තමා බව පවසමින් වීසා ලබාගැනීම සඳහා ඩුබායි ආගමන විගමන සේවයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම හේතුවෙනි. උපාලි ධර්මදාස මහතා ඉදිරිපත් කළ ලේඛන ව්‍යාජ ඒවා බව ආගමන විගමන සේවයට දන්වා ඇත්තේ ජයන්ත ධර්මදාස විසිනි.
 
නැසීගිය සුප්‍රකට ව්‍යාපාරික එච්.කේ. ධර්මදාස මහතාගේ පුත්‍රයන් දෙදෙනා වන ජයන්ත සහ උපාලි, පියාගේ දේපල උරුමය සඳහා මේ වනවිට විශාල නීතිමය සංග්‍රාමයක නියැලී සිටී. උපාලි ධර්මදාස මේ වනවිට සිය සොයුරු ජයන්ත ධර්මදාසට විරුද්ධව අධිකරණයේ නඩු 05 ක් පමණ ගොනුකර ඇත.
 
අතරමැද පාර්ශ්වකරුවකු හරහා උපාලි ධර්මදාස වෙත පණිවිඩයක් යවා ඇති ජයන්ත ධර්මදාස පවසා ඇත්තේ ඩුබායි ආගමන විගමන නිළධාරීන්ට තමන් කළ පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන උපාලි ධර්මදාසව නිදහස් කරගැනීමට නම් කොළඹ අධිකරණයේ පවරා ඇති නඩු සියල්ල වහා ඉල්ලා අස්කර ගන්නා ලෙසයි.
 
 

The post ජයන්ත ධර්මදාස සොයුරු උපාලිව පාවාදෙයි..! appeared first on ColomboXnews.

Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico