“ජන වරම ලැබිලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයටත් ජනාධිපතිතුමාටත් ආණ්ඩුව ගෙනියන්න” – චම්පිකගෙන් ප්‍රකාශයක්

ජන වරම ලැබිලා තියෙන්නේ එක්සත් ජාතික පෙරමුණට ආණ්ඩු ගෙනියන්න බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මේ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

“සියලුම පළාත් පාලන ආයතනවල මැතිවරණ එකට පැවැත්විය යුතුයි. ඇත්තටම මේ නීතිමය ප්‍රශ්න වෙනත් ප්‍රශ්න මත මේක සෑහෙන්න පමා වුණා. දැන් මැතිවරණ කොමිසම තීරණය කරලා තියෙනවා 93ක විතරක් නාම යෝජනා කැඳවන්න. නමුත් මන් හිතනවා සියලු පක්ෂ නායකයින්ගේ යුතුකම මැතිවරණ කොමිසමත් එක්කත් කතා කරලා. ඒ වගේම අනිකුත් ක්ෂේත්‍ර, නීතිපති දෙපාර්තමේන්තුව වැනි ක්ෂේත්‍රත් එක්ක කතා කරලා වහාම සියලු මැතිවරණ ජනවාරි මාසයේ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි කියන එක තමයි අපේ ස්ථාවරය.”

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඕනේ පක්ෂයක් එක්ක එකතු වෙලා කටයුතු කරන්න අයිතිය තියෙනවා. ඒ වගේම ජන වරම ලැබිලා තියෙන්නේ එක්සත් ජාතික පෙරමුණට ආණ්ඩු ගෙනියන්න. ඒ වගේම ජනාධිපතිතුමාට ජන වරම ලැබුණේ එක්සත් ජාතික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල සහයෙන්. අගමැතිතුමා, ජනාධිපතිතුමා ඒ තීරණය ඉදිරියට ගෙන යයි. ජන වරම ලැබිලා තියෙන්නේ එක්සත් ජාතික පෙරමුණට ආණ්ඩු ගෙනියන්න. මේ රජය අසමත් වෙලා තියෙනවා පොදුවේ ඇවෙන්ගාඩ් සිද්ධියේ ඉදන්ම නීතිය ක්‍රියාත්මක කරන්න බලවත් අය සම්බන්ධව. මහින්ද රාජපක්ෂ පවුලේ අයටත්, ඒ වගේම ධනවත් බලවත් අයටත් නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව බලගතු ප්‍රශ්නයක් අපට තියෙනවා. ඒ ගැන ජනතාව තුළත් විශාල කලකිරීමක් පවතිනවා.” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico