ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමට මමත් සූදානම් – චමල් රාජපක්ෂ

ඉදිරි ජනාධිපතිවරණයෙහි අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට තමන් ද සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසයි. අපේක්ෂකත්වය ලැබීමට තමන් සුදුසු නම් තමන් ඊට සූදානම් බවයි ඒ මහතා සඳහන් කළේ. චමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පසුගියදා ගෝටාබය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

තමන්ගේ සහෝදරයකු ඊළහ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවට මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී කළ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් මීට පෙර වතාවකදී ද තමනුත් ජනාධිපතිවරණ අපේක්ෂක යෝජනා ලැයිස්තුවේ සිටින බව චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබිණි.

The post ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමට මමත් සූදානම් – චමල් රාජපක්ෂ appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico