“ජනාධිපතිතුමනි, අපේ රණවිරුවන්ට සන්ධ්‍යා එක්‌නැලිගොඩ කල අසත්‍ය ප්‍රකාශ ගැනත් පරීක්ෂණයක් කරන්න” – යුක්‌තිය උදෙසා කාන්තාවෝ

පසුගිය ඔක්‌තෝබර් 12 දින රණවිරුවන් හමුවේ කරන ලද කතාවට ගෞරවය හා ප්‍රණාමය පුද කරන බව යුක්‌තිය උදෙසා කාන්තාවෝ සංවිධානය පවසයි.
ශර්මිලා ගෝනවෙල, චම්පිකා අමරසේකර, සාවිත්‍රි ගුණසේකර සහ මිලංකා පතිරණ යන අයගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන්ය.
පසුගිය කාලය පුරාවට සමාජය තුළ පිළිගත් මතය වූයේ වීරෝදාර රණවිරුවන්/ බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කිරීම සිදුවන්නේ ත්‍රස්‌තවාදයට ආධාර උපකාර කළ ද්‍රවිඩ ඩයස්‌පෝරාවේ වුවමනාවන් ඉටු කිරීම උදෙසා බවත් ඒ සඳහා ඔබතුමන්ගේ ආශිර්වාදයද නොමඳව ලැබෙනා බවත්ය. ඔබතුමා කරන ලද ප්‍රකාශයෙන් එය එසේ නොවන බව තහවුරු විය.
ජනාධිපතිතුමනි, රණවිරුවන් මුහුණ දෙන අවාසනාවන්ත තත්ත්වය සහ ඔවුන් නිසි චෝදනා නොමැතිව සිරගත කිරීම නිසාත් කිසිදු චෝදනාවක්‌ ඔප්පු කිරීමට පෙර මෙම අයගේ වැටුප් අත්හිටුවීමෙන් තම බිරියන්, දරුවන් හා පවුලේ උදවියට මුහුණ දීමට සිදුව ඇති කටුක භාවයක්‌ සැලකිල්ලට ගෙන අත්හිටුවන ලද “වැටුප් හා දීමනා නැවත ලබාදීමට අවශ්‍ය කටයුතු කරදෙන මෙන්” යුක්‌තිය උදෙසා කාන්තාවෝ” වන අප සංවිධානය ඉල්ලීමක්‌ කිරීමට කැමැත්තෙමු.
දෙවනුව අප ඔබතුමන්ගේ අවධානය යොමු කරනුයේ අතුරුදන් වූවා යෑයි කියන එක්‌නැලිගොඩට එරෙහිව එල්ල වන එල්. ටී. ටී. ඊ. ය හා ඇතැයි කියන සම්බන්ධතා පිළිබඳවත්, ඔහු වෙනත් නමකින් පෙනී සිටියා යෑයි කියන චෝදනාවත් පිළිබඳව සාධාරණ හා විධිමත් පරීක්‍ෂණයක්‌ ආරම්භ කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ගයන් ගන්නා මෙන්ද තවද අප කාගේත් අවධානය යොමු වූ සන්ධ්‍යා එක්‌නැලිගොඩ විසින් ජිනීවා හිදී අප හමුදාවට, රණවිරුවනට හා රටට එරෙහිව කරන ලද චෝදනාවන්හි සත්‍ය අසත්‍යභාවය හා එම චෝදනාවන් තහවුරු කිරීමට ඇය සතු සාක්‍ෂි හෝ පදනම පිළිබඳව ඇයගෙන් ප්‍රශ්න කර ඇයට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටිමු. වසරකට වැඩි කලක්‌ අසාධාරණ ලෙස දඬුවම් විඳින රණවිරුවන්ටත් එම පවුල්වල සාමාජිකයන්ටත් සාධාරණයක්‌ ඉටු කිරීම සඳහා සන්ධ්‍යා එක්‌නැලිගොඩ කරන ලද ප්‍රකාශය පිළිබඳව නීත්‍යනුකූලව කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරමු.

The post “ජනාධිපතිතුමනි, අපේ රණවිරුවන්ට සන්ධ්‍යා එක්‌නැලිගොඩ කල අසත්‍ය ප්‍රකාශ ගැනත් පරීක්ෂණයක් කරන්න” – යුක්‌තිය උදෙසා කාන්තාවෝ appeared first on Medaperadiga.

Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico