ජනබලේ ‘කිරි පැකට්’ චෝදනාවට එරෙහිව මිලියන 500 ක් ඉල්ලා විමල්, ෂෙහාන්, කාංචනට නඩු.

මහින්ද පිලේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගිය සැප්තැම්බර් 05 වනදා කොළඹදි සංවිධානය කර තිබූ විරෝධතා රැළියට තමන් විෂ සහිත කිරි පැකට් බෙදා දුන් බවට චෝදනා කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන විමල් වීරවංශ,  ෂෙහාන් සේමසිංහ,  කාංචන විජේසේකර යන මහත්වරුන්ට එරෙහිව රුපියල් මිලියන 500 බැගින් ඉල්ලා නඩු පවරන බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් මහතා පැවසයි.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදි අද(10)  පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය. ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සදහා තම නීතීඥවරුන්ට උපදෙස් ලබා දි ඇති බවද මන්ත‍්‍රීවරයා සදහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් ඒ මහතා
‘‘මේ අය මට කරපු චරිත ගාතනයට එරෙහිව මම නීතිමය පියවර ගන්නවා. මේ සම්බන්ධයෙන් මම මේ වනවිටත් පොලීසියට පැමිණිලි දෙකක් දාලා තියෙනවා. එම පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ සිදුකරන ලෙසට මම පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ ඒකාබද්ධ විපක්ෂයේ අය අද අපිට මේ වගේ අභූත චෝදනා නගනවා. මේ විදියට මිනිස්සුන්ට මඩ ගහන්න දෙන්න බැහැ. දැන් මේ ගැන රස පරීක්ෂණ වාර්තාවත් නිකුත් වෙලා තියෙනවා.
මේ අය බලන්නේ කෙහොම හරි ජාතිවාදි  ප‍්‍රශ්න  ඇති කරලා දේශපාලන වාසි ලබාගන්නයි. අද ජනතාව මෝඩයට අන්දන්න මේ අයට බැරි වෙලා තියෙනවා. මේ වගේ  ජාතිවාදය අවුස්සන වෛරි ප‍්‍රකාශ සදහා ඉඩනොදෙන ලෙසට අපි මාධ්‍ය ආයතන මගිනුත් ඉල්ලා සිටිනවා’’ යැයිද ඔහු එහිදි කියා සිටියේය.

The post ජනබලේ ‘කිරි පැකට්’ චෝදනාවට එරෙහිව මිලියන 500 ක් ඉල්ලා විමල්, ෂෙහාන්, කාංචනට නඩු. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico