ජනපති සහ අගමැති හදිසියේ සිහිමුර්ජාවෙයි

පසුගිය මැතිවරණයෙන් පසු තමන්ට සිදු වුයේ කුමක්දැයි කියා තවමත් සිතාගත නොහැකි ජනපති එක්වරම නිහඩව සිටින්නේ පුංචි ඡන්දයක් රටේ නොතිබුනා සේය.
බල කෑදර කමට පසුගිය දිනවල රටවටා කෑකෝ ගසමින් කවි විරිදු කියමින් ඇදකුද දිගහරින්නට වේදිකාවට ගොඩවුණු ජනපති සහ අගමැති හට රටේ ජනතාව ඒකරාශිවී පෙන්වුයේ ඔවුන් කොතරම් අප්‍රසාද ජනකද යන වගයි.
ප්‍රතිපලයේ සාරාංශය ජනතාව හමුවේ අගමැතිට හෝ ජනපතිට ප්‍රකාශ කළ නොහැකි වන්නේ ඇතැම්විට දරාගත නොහැකි අන්ත පරාජය නිසා විය හැකිය ,එසේත් නොමැතිනම් සිහිමුර්ජාවී විය හැකිය.
කෙසේ වෙතත් පැවැත්වූ මැතිවරණයේ අවසන් ප්‍රතිපලය විකෘර්ති කර හෝ පෙන්වීමට තරම්වත් හැකියාවක් වත්මන් රජයට නැති බව ඔවුන් මේ වනවිටත් ජනතාවට ඒත්තු ගන්වා හමාරය.
පසුගිය 10 වැනිදා පැවැත පළාත් පාලන මැතිවරණයෙන් පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් මේ දක්වා කිසිදු නිල ප‍්‍රතිචාරයක් දක්වා නැති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ බැනරය නැතිව හිටපු ජනාධිපතිවරයා විසින් ශ‍්‍රි ලංකා දේශපාලනය තුල තම දේශපාලන ලකුණ හා දර්ශණය සටහන් කර ඇතැයි ‘ද හින්දු’ වාර්තාවක දැක්වෙයි.
මැතිවණයෙන් පසු තත්වය ගැන ඇමතිවරුන් විසින් විවිධ අදහස් පල කරමින් ඇති අතර ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නිල වශයෙන් කිසිත් ප‍්‍රකාශ නොකිරීම මත මාධ්‍යවේදීන්ද අපහසුතාවයට පත්ව ඇත.

The post ජනපති සහ අගමැති හදිසියේ සිහිමුර්ජාවෙයි appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico