ජනපති කතාවේ උණුහුම යන්නත් කලින් හිටපු හමුදාපති දයා රත්නායකත් ප්‍රශ්න කරන්න කැදවයි

daya-rathnayaka

හිටපු හමුදාපති දයා රත්නායක මහතා බරපතල වංචා දූෂණ පිළිබද විමර්ශනය සම්බන්ධයෙන් පිහිටුවා ඇති ජනාධිපති කොමිසම වෙත අද කැදවා තිබෙනවා. ඒ අනුව හිටපු හමුදාපතිවයා අද දිනයේ එම කොමිසම හමුවේ පෙනී සිටියේය.

දයා රත්නායක මහතා හමුදාපතිව සිටියදී ආපදා අවස්ථාවක ඊට අදාළ ප්‍රදේශවල ජනතාවට සහන සැළසීම සඳහා තවත් රාජ්‍ය ආයතනයකින් ලබා ගත් සේවා හා මූල්‍ය ප්‍රතිපාදන යෙදවීමේ සිදුවීමක් පිළිබඳ ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ.

The post ජනපති කතාවේ උණුහුම යන්නත් කලින් හිටපු හමුදාපති දයා රත්නායකත් ප්‍රශ්න කරන්න කැදවයි appeared first on Colombo Today.

Source From colombotoday
Author: Lt editor
#SriLanka #News #lka

Powered by WPeMatico