ජනපති අපෙක්ෂකකමට එකම සුදුස්සා චමල් රාජපක්ෂයි – වාසු

තම පෞද්ගලික මතය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීලඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුත්තේ චමල් රාජපක්ෂ මහතා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

චමල් රාජපක්ෂ මහතා මධ්‍යස්ථ මත දරණ, ජනතාවගේ කැමැත්ත දිනා ගත හැකි ,චෝදනා නොමැති පුද්ගලයෙකු බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීලග ජනාධිපතිවරණ අපේක්ෂකයා ලේස චමල් රාජපක්ෂ මහතාගේ නම පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනා කර ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

මත්ත්‍රීවරයා මෙම අදහස් පල කළේ ඊයේ (10) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය.

The post ජනපති අපෙක්ෂකකමට එකම සුදුස්සා චමල් රාජපක්ෂයි – වාසු appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico