“ජනපතිවරණයේදී අපි නැත්නම් කවුරුත් සුං”-දුමියා කියයි

මොනව හේතුවක් නිසාවත් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය විසින් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුවට) දියකර හරින්නට සූදානමක් නොමැති බව ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා පවසයි.  ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කෝන්ගොල්ලෑව ගම්මානයේ පැවැති උත්සවයකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා.  ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය ලෙස ශ්‍රී  ලංකා නිදහස් පාක්ෂිකයන්ට අපි පැහැදිලිවම කිව යුතු කාරණයක් තිබෙනවා. මේ රටේ ඉදිරි ජනාධිපතිවරණයේදී පත්වන ජනාධිපතිවරයා කවුද කියන එකේ තීරණාත්මක බලවේගය වන්නේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයයි. ඒක පොහොට්ටුවට වේවා එක්සත් ජාතික පක්ෂයට වේවා ප්‍රධාන කඳවුරු දෙකටම අපි නැතුව කිසිම ජනාධිපතිවරයෙක් හදන්න පුළුවන්කමක් නෑ. 

The post “ජනපතිවරණයේදී අපි නැත්නම් කවුරුත් සුං”-දුමියා කියයි appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico