ජනපතිට එරෙහිව ලන්ඩන් නුවර LTTE හිතවාදීන් විරෝධතාවයක (PHOTOS)

ජනපතිට එරෙහිව ලන්ඩන් නුවර LTTE හිතවාදීන් විරෝධතාවයක (PHOTOS)

පොදුරාජ්‍ය මණ්ඩලීය රජ්‍ය නායක සමුළුව පැවැත්වෙන ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් අසල එල්.ටී.ටී.ඊ හිතවාදී අධාරකරුවන් පිරිසක්  විරෝධතාවයක නිරතවන බව වාර්තා වේ.

ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව විරෝධය දක්වමින් මෙලෙස විරෝධතාවයේ නිරතවන බවද වැඩිදුරටත් සඳහන් වේ.

පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ඊයේ (19) පස්වරුවේ ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් හිදී ආරම්භ කෙරිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00 ට පමණ විධායක සභාව ඇමතීමට නියමිතව තිබුණි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක සභාවට සහභාගීවීම සඳහා පැමිණි ජනාධිපතිවරයා පිළිගත්තේ බ්‍රිතාන්‍ය අගමැතිණි තෙරේසා මේ මහත්මිය විසිනි.

ලොව රටවල් රැසක ප‍්‍රබල රාජ්‍ය නායකයින් රැසක් මෙම විධායක සභාව නියෝජනය කරන අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය නීල ප‍්‍රඥප්තිය සම්මත කර ගැනීම ද මෙහිදී සිදු වේ. 

මෙවැනි පසුබිමක් පවතින අතරතුර ජනාධිපතිවරයාට එරෙහිව මෙලෙස විරෝධතාකරුවන් සිය විරෝධය දක්වා ඇත.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico