ජනපතිගේ යාපනය සංචාරයට විරෝධය

ජනපතිගේ යාපනය සංචාරයට විරෝධය

ජනාධිපතිවරයා යාපනයට පැමිණීමට විරෝධය පල කරමින් යාපනයේ මහජන සංවිධාන ගණනාවක් විසින් අද (19) උදෑසන විරෝධතාවයක් දියත් කොට තිබේ.

ජනාධිපතිවරයා යාපනයට පැමිණෙන සංචාරයේදී යාපනයේ ශාන්ත තෝමස් විද්‍යාලයේ විද්‍යාගාරය ජනාධිපතිවරයා අතින් විවෘත වීමට නියමිතව ඇති අතර විරෝධතාකරුවෝ ඔවුන්ගේ විරෝධතාවය දියත් කොට ඇත්තේ එම විද්‍යාලය ඉදිරිපිට සිටය.

යුදසමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ප්‍රශ්නය, දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය ඉඩම් ප්‍රශ්නය ඇතුළු දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට නිසි විසදුමක් ලබා දීමට අපොහොසත් වී සිටින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට යාපනය පැමිණීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව කියමින් යාපනයේ මහජන සංවිධාන මෙම විරෝධතාවය දියත් කොට තිබේ.

විරෝධතාකරුවන්ව ඉවත් කිරීමට පොලීසිය දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින අතර විරෝධතාකරුවෝ ජනාධිපතිවරයා පැමිණෙන රැස්වීම වාර්තා කිරීමට යාපනය ශාන්ත තෝමස් විද්‍යාලයට යාමට සූදානමින් පැමිණි මාධ්‍යවේදීන්ටද එහි යාමට ඉඩ නොදී ඔවුන්ටද අවහිර කරමින් සිටිති.

(දිනසේන රතුගමගේ)





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico