ගෝඨා-බැසිල් ගැටුමෙන් ශ්‍රීලනිප 16 කල්ලිය අනාථ වෙයි – අද යොදාගත් ගෝඨා හමුවීමත් ඇනහිටී.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කල්ලිය ජුනි 12 වනදා එනම් අද දිනයේ ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිත බවට විවිධ මාධ්‍ය වලින් ප්‍රචාරය වී තිබුණද  එවැනි හමුවක් සඳහා ඉල්ලීමක් තමා වෙත ලැබී නැති බව ගෝඨාභය රාජපක්ෂ හදිසියේම නිවේදයක් නිකුත් කරමින්  පවසයි.  අදාළ හමුව සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ  එල්ල කළ  බරපතල විරෝධයක් හේතුවෙන් මෙම හමුව අවලංගු කිරීමට තීරණය වී ඇති බවද වාර්තාවේ. දේශපාලන ආරංචිමාර්ග දක්වා සිටින්නේ රාජපක්ෂ පවුලේ ඇති සීතල බල අරගලය මීට හේතුවී ඇති බවත් ගෝඨාභය වෙනම ගමනක් යන බව සඳහන් කරමින් බැසිල් රාජපක්ෂ අදාළ විරෝධය පෑම සිදුව ඇති බවය.

අද (12) දිනයේ ගෝඨාභය රාජපක්ෂ හමුවන බවට මාධ්‍ය වාර්තා පළවූයේ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සිදුකල ප්‍රකාශයක් මත පදනම්වය. එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසා සිටියේ තම කණ්ඩායමේ ඉදිරි දේශපාලන සැළසුම් හා ආණ්ඩුවට එරෙහි ජනමතයක් ගොඩ නැඟීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි.

කෙසේ වුවත් මේ සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂ නිකුත් කල නිවේදනය පහත දැක්වේ.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම ජුනි 12 වන අඟහරුවාදා ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවට විවිධ මාධ්‍ය වලින් ප්‍රචාරය වී තිබුණද  එවැනි හමුවක් සඳහා ඉල්ලීමක් තමා වෙත ලැබී නැති බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

වෘත්තිකයින්,ව්‍යාපාරිකයින්,අධ්‍යාපනඥයින්, දේශපාලනඥයින් ඇතුළු සමාජයේ විවිධ පුද්ගලයින්  තමා හමුවී සාකච්ඡා කිරීම සාමාන්‍ය දෙයක් බවත් එහෙත් මාධ්‍ය වලින් ප්‍රචාරය වු ආකාරයේ  නිල හමුවක් 12 දා  නොපැවෙත්වෙන බවත් ඒ මහතා වැඩිදුරටත්  පැවසීය.

The post ගෝඨා-බැසිල් ගැටුමෙන් ශ්‍රීලනිප 16 කල්ලිය අනාථ වෙයි – අද යොදාගත් ගෝඨා හමුවීමත් ඇනහිටී. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico