ගෝඨා දුමින්ද බලන්න ගෙදරටම යයි

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ශ්‍රීලනිපය තීරණය කළ අතර එම තීරණය අද නිළ වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව අනුරාධපුරදී අද පැවැත්වෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු ප්‍රචාරක රැස්වීමට ද ශ්‍රීලනිපය සහභාගිවීමට නියමිත බවයි වර්තා වන්නේ.

ශ්‍රීලනිප හිටපු මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මතා සහ ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ශ්‍රීලනිපය නියෝජනය කරමින් මෙම රැස්වීම සඳහා සහභාගිවීමට නියමිත වේ.

මේ අතර ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර රැස්වීමට සහභාගිවීමට පෙර දුමින්ද දිසානායක මහතාගේ නිවසට ගොස් තිබේ. දුමින්ද දිසානායක මහතා ඔහුව උණුසුම් අන්දමින් පිළිගෙන තිබෙන අතර මෙම අවස්ථාවට දෙපාර්ශ්වයේ පාක්ෂිකයන් පිරිසක් ද සහභාගි වී තිබිණි.

පසුගිය 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ශ්‍රීලනිපයෙන් එළියට පැමිණි කිහිප දෙනා අතරින් කෙනෙකු වන දුමින්ද දිසානායක මහතා දැඩි රාජපක්ෂ විරෝධියෙකු ලෙස කටයුතු කළේය. කෙසේ වෙතත් ඔහු එම වාදභේද සියල්ල ඉවත තමා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ඉදිරිපත්ව සිටී.

ඡායාරූප – ඒෂියන් මිරර්

    The post ගෝඨා දුමින්ද බලන්න ගෙදරටම යයි appeared first on ColomboXnews.





    Source From Colomboxnews
    Author: Kamal Dhammika
    #SriLanka #News #lka

    Powered by WPeMatico