“ගෝඨා අත්අඩංගුවට ගැනීමේ සැබෑ අවශ්‍යතාව ඇත්තේ කොටි ඩයස්පෝරාවටයි” – බන්දුල

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම තුළ සතුටු කළ හැකි එකම කණ්ඩායම එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාව පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පෙරේදා (27) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මේ රජය එල්.ටී.ටී.ඊ ඩයස්පොරොවේ වුවමනාවට ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට උත්සහ ගන්නේ එවැනිම කලක එල්.ටී.ටී.ඊ ය සම්බන්ධයෙන් තීරණ ගත් නිලධාරීන් නිරුපද්‍රිතව අද වන විටත් සිටින බව  මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

1989 – 1990 ආර්.පාස්කර්ලිංගම් මහතා මේ රට කඩන්න තීන්දු කරනු ලැබු කොටින්ට පැහැදිලි ලෙස සක්‍රිය දායකත්වයක් දැක්වු බව සියලු දෙනා දන්නා කරුණක් නමුත් වර්තමාන ශ්‍රි ලංකාවේ අග්‍රාමාත්‍යවරයාගේ මුදල් කටයුතු සම්බන්ධ උපදේශක වශයෙන් ඔහු කටයුතු කරමින් සිටින බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

කොටින්ගෙන් රට බේරා ගත් ජාතික නායකයෙක් වශයෙන් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා ඇප නොමැතිව අත්අඩංගුවට ගන්න උත්සහ දරනුයේ විදේශිය ඩයස්පොරාවේ වුවමනාවට බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

අද වන විට රට තුළ ත්‍රස්තවාදය තිබුණේ නම් කිසිදු සංවර්ධනයක් සිදු කළ නොහැකි බවත් වර්තමානයේ ත්‍රස්තවාදය පිටු දැක අලුත් ගමනක් ආරම්භ කිරීමේ දී මෙවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුකරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයට එල්ල වි ඇති මහා බැඳුම්කර වංචාව නිසා බව ද මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කර සිටියේය.

 

 





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico