ගෝඨාභය ගැන කතා කරල වැඩක් නැහැ – අපට ඕනි ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් – කුමාර වෙල්ගම (වීඩියෝ)

ගෝඨාභය රාජපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණිය යුතු බවත් අපේ එකම නායකයා සහ එකම බලාපොරොත්තුව මහින්ද රාජපක්ෂ පමණක් බවද වෙන අය ගැන කතා කරල වැඩක් නොමැති බවද කුමාර වෙල්ගම මහතා පවසයි. මහින්ද පිලේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ(10) පස්වරුවේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැත්වූ සාකච්ඡාවෙන් පසු මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්ණ වලට පිලිතුරු දෙමින් වෙල්ගම මහතා මේ බව ප්‍රකාශ කරන ලදි.

ඊයේ(10) පස්වරු 6 ට පමණ ආරම්භ කෙරුණු මහින්ද පිලේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාව පැය දෙකහමාරකට ආසන්න කාලයක් පැවැත්වුණි.

වැඩිදුර අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවතත් රටේ රාජ්‍ය නායකයා ලෙස පත් කර ගැනිම සඳහා වත්මන් ආණ්ඩු පෙරළා දැමිය යුතු බවය. රට පාලනය සඳහා තම පාර්ශ්වයේ එකම යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණක් බවත් අන් කිසිවෙකු ගැන කතා කිරීමෙන් පලක් නොමැති බවත් කුමාර වෙල්ගම මහතා පවසයි.

කුමාර වෙල්ගම මහතා අදහස් දක්වමින්….

ගෝඨාභය ගැන කතා කරල වැඩක් නැහැ – වෙල්ගම

මම ඔයාට එකක් කියන්නම් අපිට ඕනි ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්… ගෝඨාභය ගැන කතා කරල වැඩක් නැහැ – කුමාර වෙල්ගම

Posted by ColomboXnews on Wednesday, 11 July 2018

The post ගෝඨාභය ගැන කතා කරල වැඩක් නැහැ – අපට ඕනි ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් – කුමාර වෙල්ගම (වීඩියෝ) appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico