ගෝඨාට එරෙහි නඩුව ඇමරිකාව ප්‍රසිද්ධ කරයි – උත්තර බදින්න සති තුනක් ලබාදෙයි.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට විරුද්ධව ඇමරිකාවේ කැලිෆෝනියාවේ දිස්ත‍්‍රික් අධිකරණයක පවරා ඇති නඩුව ප‍්‍රසිද්ධ කර තිබේ. කැලිෆෝනියාවේ දිසා අධිකරණයක ෆෙඩරල් විනිසුරුවෙකු මෙම නඩුව විවෘත කර ඇති බව යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය කියා සිටී.
ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීම ගැන හා පසුගිය රජය සමයේ පුද්ගලයන් හිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් ගෝටාභය රාජපක්‍ෂ මහතා විරුද්දව චෝදනා නගමින් අදාල නඩු ගොනු කර ඇත.
කැලිෆෝනියාවේ මධ්‍යම දිසා අධිකරණයේ මෙම නඩුව පවරා ඇති අතර නීතිඥ පෝල් හොෆ්මාන් සහ යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය ‌- Center for Justice and Accountability (CJA) හී නීතිඥ නුෂින් සර්කරාති අහිම්සා වික්‍රමතුංග වෙනුවෙන් මැදිහත්ව මේ නඩුව පවරා ඇත.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ද ‌ගෝඨාභය රාජපක්ෂ වගකිව යුුුුතුව තිබෙන බව එහි ‌පරිච්ඡේද 79 ක් පුරා චෝදනා ඉදිරිපත් කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ හට මේ සදහා උත්තර බැදීමට සති තුනක කාලයක් ලබාදී ඇති බවද වාර්තාවේ.
වාර්තා වන ආකාරයට ඇමරිකාවේ පවතින ‘වධබන්ධනයට ලක්වූ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත’ Torture Victim Protection Act (TVPA) සහ ‘විදේශීය වධකයන් පිළිබඳ ප්‍රඥප්තිය’ Alien Tort Statute (ATS) යන පණත් ‌යටතේ නඩු කටයුත්ත සිදුකර ඇත.
අදාල නඩුවේ පිටපතක් පහත දැක්වෙයි.

CJAVerified account @CJA_News

Breaking: CJA’s civil suit against former Sri Lankan Defense Secretary #GotabayaRajapaksa for the killing of journalist #LasanthaWickrematunge and systematic attacks on the #FreePress was just unsealed. #EndImpunity #SriLanka https://cja.org/what-we-do/litigation/wickrematunge-v-rajapaksa/ 

 

 

 

The post ගෝඨාට එරෙහි නඩුව ඇමරිකාව ප්‍රසිද්ධ කරයි – උත්තර බදින්න සති තුනක් ලබාදෙයි. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico