ගෑස් හා කිරිපිටි මිල ඉහළ යන ලකුණු

ගෑස් හා කිරිපිටි මිල ඉහළ දැමීමට කළ ඉල්ලීම් මිල පාලන කමිටුව වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

ගෑස් සමාගම් දෙකක් ගෑස් මිල ඉහළ නංවන ලෙස ඉල්ලීම් කර ඇති බවයි එම අධිකාරියේ උසස් නිලධාරියෙකු සදහන් කළේ.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ත් 400ත් අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමට එම සමාගම් ඉල්ලීම් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම කිරිපිටි සමාගම් කිහිපයක් කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල්
150ත් – 175 ත් අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමට ඉල්ලීම් කර ඇති අතර, මේ වනවිට
මිල පාලන කමිටුවේ අධීක්ෂණයට යොමු කර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

The post ගෑස් හා කිරිපිටි මිල ඉහළ යන ලකුණු appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico