ගමේ ආණ්ඩු බලාගෙන ඉන්නෙ මහ ආණ්ඩුවෙන් යැපෙන්න – ෆයිසර් මුස්තාපා #SriLanka #LKA

ගමේ ආණ්ඩු බලාගෙන ඉන්නෙ මහ ආණ්ඩුවෙන් යැපෙන්න - ෆයිසර් මුස්තාපා
නව ග්‍රාමීය පාලම් 500 ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (17) සවස කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
 
මෙම ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය වන බවත් එම සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු දෙනාට හිමිවන බවත් ඇමතිවරයා පවසයි.
 
මධ්‍යම රජයෙන් මුදල් ලැබීම වෙනුවට පළාත් පාලන ආයතන සතු ඉඩම් සංවර්ධනය කර ව්‍යාපාර ආරම්භ කිරීම වැනි ව්‍යාපෘති හරහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව ෆයිසර් මුස්තාපා මහතා පෙන්වා දෙයි.
 
නිශාන්ත ප්‍රියදර්ශන





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico