ගදගහන බස්නාහිර පළාත් සභාව සුවඳ කරන්න ඉසුර කෝටියකට අධික “එයාර් ෆ්‍රෙෂ්නර්” ගෙන්වයි.

බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ල සුවඳවත් කිරිම සඳහා රුපියල් එක්කෝටි 63 ලක්ෂයක් වැය කරමින් එයාෆ්‍රෙෂ්නර් සවි කිරීම සම්බන්ධයෙන් මහ ඇමති ඉසුර දේවප්‍රියට එරෙහිව චෝදනාවක් එල්ලවේ. එකක් රුපියල් 18,500 බැගින් වූ එයාෆ්‍රෙෂ්නර් 875ක් සභා ගොඩනැගිල්ල තුළ සවිකර ඇති අතර ඒවා යළි සුවඳවත් කිරිම සඳහා මසකට රුපියල් 3000 මුදලක් වැය වන බව ද ඔහු කියා සිටියහ.

එම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සඳහා ගෙන්වීමට නියමිතව තිබූ රුපියල් හය ලක්ෂ 44,000 ක් වටිනා පුටු ටෙන්ඩරය සම්බන්ධයෙන් පසුගියදා විවිධ විවේචන එල්ල වූ අතර පසුව එම ටෙන්ඩරය ආණ්ඩුකාරවරයා විසින් අත්හිටවනු ලැබීය.

ඉන් අනතුරුව රුපියල් ලක්ෂ 150 ක වැය කර කෝට්ටේ රාජධානි සමය සිහිපත් කිරීම සඳහා බස්නාහිර පළාත් සභාවේ නව සභා ගර්භයේ ඉදිකර තිබූ ප්‍රධාන දොරටුව සම්බන්ධයෙන් ද කතා බහක් ඇති විය.

බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ල සඳහා පුටු ගෙන්වීමේ ඇනවුම පසුගිය (13) සිට තහනම් කළ බව ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පැවසීය. එයට අදාළ නියෝග ලිපිය සකස් කරන්නැයි පළාත් ප්‍රධාන ලේකම්වරයාට දැනුම් දුන් බවත්,  සාම්පල් ගෙන්වා නොතිබීම, වාර්තා දෝෂ සහිතවීම,ටෙන්ඩර් පටිපාටිය නිසි පරිදි සිදුනොවීම ආදි කරුණු ගණනාවක් මෙම තීරණය ගැනීමට හේතු වූ බවත් හෙතෙම පැවසීය.

 

 

 

 

 

The post ගදගහන බස්නාහිර පළාත් සභාව සුවඳ කරන්න ඉසුර කෝටියකට අධික “එයාර් ෆ්‍රෙෂ්නර්” ගෙන්වයි. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico