කෝටි 5 කට ආසන්න වංචාවකට මහින්දානන්දට අල්ලස් කොමිසමෙන් චෝදනා පත්‍රයක්.

හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ මහින්ද පිලේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව කැරම් බෝඩ් හා දහම් ලෑලි මිලදී ගැනීමේදී සිදුකල වංචාවක් සම්බන්දයෙන් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අල්ලස් කොමිසමට ජුනි මස 12 වනදා දක්වා කල් ලබා දී තිබේ.

ඉකුත් රජය සමයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට කැරම් බෝඩ් හා දහම් ලෑලි මිලදී ගැනීමේදී රජයට රුපියල් කෝටි 5 කට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් පනත යටතේ අල්ලස් කොමිසම විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

එම නඩුව අද(17) කැඳවූ අවස්ථාවේදී සැකකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

The post කෝටි 5 කට ආසන්න වංචාවකට මහින්දානන්දට අල්ලස් කොමිසමෙන් චෝදනා පත්‍රයක්. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico