කෝටි 162 තැන්පත් මුදල් වංචාවේ සක්විතිට ඇප …

නඩු තුනක් සම්බන්ධයෙන් වසර 9කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සක්විති රණසිංහ අද ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සහ මහජනතාවගෙන් රුපියල් කෝටි 162 කට අධික මුදල් තැන්පතු ලබා ගෙන ඒවා සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ නඩු තුනක් සම්බන්ධයෙන් වසර නවයකට ආසන්න කාලයක් සක්විති රණසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුනේය. එම නඩු සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙම විත්තිකරු මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.

The post කෝටි 162 තැන්පත් මුදල් වංචාවේ සක්විතිට ඇප … appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico