කෝටි දෙකක කේරළ ගංජා තොගයක් මන්නාරමෙන් හමුවෙයි…

තලෙයිමන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ සඟවා තිබියදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 150 ක් සොයාගෙන තිබෙනවා.

නාවික හමුදා බුද්ධි තොරතුරක් මත නාවික හමුදාව හා පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදීයි අදාළ ගංජා තොගය සොයාගෙන ඇත්තේ.

ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න බවයි පොලිසිය සඳහන් කළේ.

ජාවාරම්කරුවන් විසින් බෝට්ටු මගින් ගෙනැවිත් මෙරට බෙදාහැරීම සඳහා සූදානම් කර තිබියදී ඒවා සොයාගෙන තිබෙනවා.

ගංජා තොගය මන්නාරම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන තලෙයිමන්නාරම පොලිසිය මගින් ක්‍රියාත්මකයි.

The post කෝටි දෙකක කේරළ ගංජා තොගයක් මන්නාරමෙන් හමුවෙයි… appeared first on Colombo Today.





Source From colombotoday
Author: Lt editor
#SriLanka #News #lka

Powered by WPeMatico