“කොළඹ කුණු පුත්තලමට” – රෝසි

කොළඹ මහ නගර සීමාවේ දිනපතා එක්‌රැස්‌ වන කැළි කසළ මෙට්‍රික්‌ ටොන් 600 ක්‌ අතරින් ටොන් 50 ක්‌ම වෙන් නොකර පාරට ගෙනවිත් දමන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.මෙම වෙන් නොකළ කසළ නගරසභා සේවකයන් යොදවා දිනපතා පාහේ වෙන් කිරීමට සිදුව ඇති බවත් එසේ නොකරන කසළ මුතුරාජවෙල කසළ අංගනය මගින් භාරගැනීම ප්‍රතික්‍ෂේප කරන බවත් ඇය කියා සිටියාය.නගරසභා සෞඛ්‍ය අංශයේ සේවකයන්ට කසළ වෙන් කිරීමේ කාර්යය පැවරී ඇත්තේ මිශ්‍ර කසළ පාරට දැමීම නිසා බවද හැමවිටම වෙන් කළ කසළ ලබාදෙන ලෙසට නගරවාසීන්ගෙන් ඉල්ලීමක්‌ කරන බවද නගරාධිපතිනිය සඳහන් කළාය.කෙසේ වෙතත්, නගරයේ කැළි කසළ මෙට්‍රික්‌ ටොන් 600 ක්‌ ලබන වසර වන විට පුත්තලම, අරුවක්‌කාලු ප්‍රදේශයේ ඉදිවන සනීපාරක්‌ෂක අංගනයට ගෙන යැම සිදුවන බවද ලබන දෙසැම්බර්වල සිට මෙහි මූලික කටයුතු ආරම්භවන බවද නගරාධිපතිනිය වැඩිදුරටත් කියා සිටියාය.

The post “කොළඹ කුණු පුත්තලමට” – රෝසි appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico