කොලොන්නාව ඛණිජතෙල් පරිශ්‍රයේ සිද්ධියෙන් අර්ජුන නිදහස්

පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිවරයා මූලිකත්වයෙන් සිදුකළ දේශපාලන කුමන්ත්‍රණය හමුවේ කොලොන්නාව ඛනිජතෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටි අමාත්‍ය අර්ජුන රණතුංග නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

මෙම පැමිණිල්ල අද (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ සැකකාර අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට ප්‍රමාණවත් කරුණු නැති බවට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවය.

ඒ අනුව සැකකරු මුදා හරින මෙන් ද පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම පිළිගත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකාර අර්ජුන රණතුංග මහතා නිදහස් කිරීමට නියම කළේය.

පසුගිය වසරේ ඔක්තෝබර් 26 වනදා ජනාධිපති සිරිසේන විසින් දියත්කළ ව්‍යවස්ථා සහ විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණය අවස්ථාවේ කොලොන්නාව ඛණිජතෙල් සංස්ථා පරිශ්‍රයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් සහ එවක ඛණිජතෙල් අමාත්‍යවරයාව සිටි අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂකයින් පිරිසක් අතර ගැටුමක් ඇතිවූ අතර ඉන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

The post කොලොන්නාව ඛණිජතෙල් පරිශ්‍රයේ සිද්ධියෙන් අර්ජුන නිදහස් appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico