කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා උතුරේ හර්තාල්.. කඩ සාප්පු වසා දැමේ.. ජන ජීවිතය අඩාලයි.. පාසලුත් වසයි !

බන්ධනාගාරගතව සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (13) උතුරු පළාත තුල හර්තාලයක් ක්‍රියාත්මක කර ඇත.

උතුරු පළාතේ සියලුම වෙලදසැල් අද උදෑසන සිට වසා දමා ඇති අතර, සියළු ගමනාගමන කටයුතුද සම්පූර්ණයෙන් ඇණහිට ඇතැයි වාර්තා වේ.

උතුරේ පිහිටි සියලුම දමිළ පාසල්හි අධ්‍යාපන කටයුතු අඩාල වී තිබූ අතර යාපනයේ පිහිටි සියලුම පාසල් වසා දැමීමට ද පියවර ගෙන ඇත.

ද්‍රවිඩ ජාතික සන්ධානය හා උතුරු පළාත් ප්‍රධාන ඇමතිවරයාගේ මූලිකත්වයෙන් යුත් දෙමළ මහජන සභාව විසින් මෙම හර්තාලය සංවිධානය කර ඇත.

The post කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා උතුරේ හර්තාල්.. කඩ සාප්පු වසා දැමේ.. ජන ජීවිතය අඩාලයි.. පාසලුත් වසයි ! appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico