කොටි කොඩිය දැමු තැන ස්මාරකයක් හදන්න ගිය උත්සහය අසාර්ථක වෙයි..

කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්ගම වූ යාපනය වැල්වැට්ටිතුරෙයි ප්‍රදේශයේ ස්මාරකයක් ඉදිකිරීමට වැල්වැට්ටිතුරෙයි නගර සභාව සූදානම් වූ උත්සාහයක් අසාර්ථක වී තිබේ.වැල්වැට්ටිතුරෙයි මුහුද ආසන්නයේ පිහිටි ක්‍රීඩාංගණයක එල්.ටී.ටී.ඊ. පාලන සමයේදී අඩි 80ක් උසැති කොඩි කණුවක් ඉදිකොට එහි කොටි සංවිධානයට අයත් කොඩිය ඔසවා තිබුණු අතර යුද්ධය අවසන් වීමත් සමග එම කොඩි කණුව ඉවත් කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබුණි.ඒ අනුව නගර සභාවේ සභිකයන් කිහිප දෙනෙකු එම ස්ථානයේ ස්මාරකයන් ඉදිකිරීම සඳහා වූ යෝජනාවක් නගර සභා රැස්වීමේදී යෝජනා කර තිබේ. එහිදී වැල්වැට්ටිතුරෙයි නගර සභාවේ සභිකයන් 17 දෙනෙකුගෙන් 09 දෙනෙකුම අදාළ ස්මාරකය ඉදිකිරීමට විරෝධය පළකොට ඇති අතර ඔවුන් පවසා ඇත්තේ ස්මාරකය සෑදීමට වඩා එම ස්ථානයේ කුඩා ළමයින්ට අවශ්‍ය වන පරිදි ළමා උද්‍යානයක් ඉදිකිරීම යෝග්‍ය බවයි.පසුව නගර සභාවේ සභාපති කරුණානන්ද රාසා විසින් අදාළ ස්ථානයේ ළමා උද්‍යානයක් ඉදිකිරීමට වූ යෝජනාව සම්මත කොට ගෙන තිබේ.

The post කොටි කොඩිය දැමු තැන ස්මාරකයක් හදන්න ගිය උත්සහය අසාර්ථක වෙයි.. appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico