කෙහෙළිය රඹුක්වැල්ල පිල්මාරුවකට සැරසෙමින් ලක්ෂ්මන් කිරිඇල්ලගේ ගුණවයයි..!

අපේ ආණ්ඩු කාලේ මහනුවරට කැබිනට් ඇමතිවරු 09ක් හා අගමැතිවරයෙක් හිටියත් අපි කළ සේවයට වඩා සේවයක් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මහනුවර නගරයට සිදුකල බව අකමැත්තෙන් වුවත් පිළිගන්නා බව මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

පසුගියදා මහනුවර කුණ්ඩසාලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම පා.ම. කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක් පවත්වා තිබුණා.කෙසේ වෙතත් මෙම හමුවේදී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මන්ත්‍රී කණ්ඩායම හමුවේ පවසා ඇත්තේ තමන් ඇතුඑ අමාත්‍යවරුන් 09ක්, අගමැතිවරයෙක් හා පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙක් මහනුවරට සිටි නමුත් අප කළ සේවයට වඩා සේවයක් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා තනිවම පසුගිය කාලය තුළ මහනුවරට විශාල සේවයක් සිදුකර ඇති බවය.

ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පසුගිය වසර තුනකට අධික කාලයක් විවිධ අමාත්‍යංශ වල වගකීම් දැරූවද කෙහෙළිය රඹුක්වැල්ල පවසන ආකාරයේ ජනතා මෙහෙවරක් ඉටුකිරීමට ඔහු අසමත්වු අතර විවිධ වංචා දුෂණ චෝදනා සැලකියයුතු ප්‍රමාණයක් ඔහුට එල්ලවිය. විශේෂයෙන් තම දියණියද සම්බන්දකරගනිමින් මඟනැගුම ව්‍යාපෘතිය හරහා සහ මහනුවර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හරහා බරපතල දුෂණයක් සිදුකිරීම සම්බන්දයෙන් කිරිඇල්ල අමාත්‍යවරයාට චෝදනා එල්ලවේ.

මෙවන් තත්වයක් ටයතේ කෙහෙළිය රඹුක්වැල්ල විසින් ලක්ෂ්මන් කිරිඇල්ලගේ ගුණවැයීම ඉදිරි දේශපාලන පිල්මාරුවක පෙරනිමිත්තක් වියහැකිබව දේශපාලන ආරංචීමාර්ග සදහන් කරයි. මක්නිසාදයත් මීට පෙරද රඹුක්වැල්ල මහතා එජාපයට එක්වීමට සූදානමින් සිටි අයෙක්වීම විශේෂත්වයකි.

 

 

The post කෙහෙළිය රඹුක්වැල්ල පිල්මාරුවකට සැරසෙමින් ලක්ෂ්මන් කිරිඇල්ලගේ ගුණවයයි..! appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico