කිලිනොච්චියේදී පොලිස් නිලධාරියෙකුට වටකරගෙන පහරදෙයි.. පහරකෑ නිලධාරියා රෝහලේ

poloice

කිලිනොච්චිය පොලීසියේ නිලධාරියෙකුට අද පස්වරුවේදී ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව වාර්තා වනවා.

කිලිනොච්චි රෝහල ඉදිරිපිට බීමතින් හැසිරුණු පුද්ගලයෙකු පාලනය කිරීමට යෑමේදී ඒ අසල සිටි පිරිසක් පොලිස් නිලධාරියාට වටකරගෙන පහරදී ඇති බවයි සදහන් වන්නේ.

ප්‍රහාරයට ලක්ව ඇත්තේ සමරවික්‍රම නමැති සැරයන්වරයෙකු වන අතර මේ වන විට ඔහු තුවාල ලබා කිලිනොච්චි රෝහලට ඇතුළත් කර තිබෙනවා.

The post කිලිනොච්චියේදී පොලිස් නිලධාරියෙකුට වටකරගෙන පහරදෙයි.. පහරකෑ නිලධාරියා රෝහලේ appeared first on Colombo Today.

Source From colombotoday
Author: Lt editor
#SriLanka #News #lka

Powered by WPeMatico