කිරිවෙහර විහාරාධිපති හිමීයන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවනින් කොළඹට

 නාදුනන තුවක්කරුවන්ගේ වෙඩි ප්‍රහාරයකට ඊයේ (13) රාත්‍රීයේ ලක්ව තුවාල ලැබු කතරගම කිරිවෙහර විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් වැඩිදුර ප්‍රතිකාර සදහා ගුවන් මගින් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට නියමිතව ඇති බව වාර්තා වේ.

වෙඩි පහකින් තුවාල ලැබු කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේ දෙබරවැව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා තිබුණි. මෙම වෙඩිතැබීමෙන් ධම්මින්ද නාහිමියන්ට අමතරව කිරිවෙහර විහාරස්ථානයේ වැඩසිටින තවත් හිමිනමක් තුවාල ලැබුහ.

The post කිරිවෙහර විහාරාධිපති හිමීයන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවනින් කොළඹට appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico