“කිරිවෙහර බුද්ධ පුත්‍රයාට වෙඩි තැබූ කපුවා කපෝති”

කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන් පසුගිය 12 වෙනිදා රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්වුනා. කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් අනතුරුව සිදු කරන ලද පරීක්ෂණ වලට අනුව කතරගම මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා වන අසේල බණ්ඩාර නැමැත්තා මෙයට සම්බන්ධ බව අනාවරණය කරගෙන තිබුණා.ඒ් අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (13) පස්වරුවේ සැකකාර කපුවාගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී ෂොට්ගන් වර්ගයේ පතුරම් තුවක්කු වලට යොදාගන්නා ජීව පතුරම් 10 ක්, කිනිසි දෙකක් සහ කඩු දෙකක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.කෙසේ වෙතත් සැකකරු තවම අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු මේවන විට ගම් ප්‍රදේශයෙන් පැනගොස් සිටින බවයි සදහන් වේ.වෙඩි ප්‍රහාරයට ලක් වූ ස්වාමීන් වහන්සේ මේ වනවිට කොළඹ පුද්ගලික රොහලක ප්‍රතිකාර ලබනවා

The post “කිරිවෙහර බුද්ධ පුත්‍රයාට වෙඩි තැබූ කපුවා කපෝති” appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico