‘කිංස්බරි’ ප්‍රහාරකයා සමඟ වෑන් රථය මිලට ගත් පුද්ගලයා අත්අඩංගුවට

කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරු එම ස්ථානයට පැමිණ ඇත්තේ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ පුද්ගලයාට අයත් වාහනයකින් බවට පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණි.
මෙම වෑන් රථය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිගින් දිගටම පරීක්ෂණ සිදු කළ බවත් එහිදී මෙය කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු සමඟ මෙම වෑන් රථය මිලට ගැනීමට හා රථයේ ආසන සකස් කර ගැනීමට තවත් පුද්ගලයෙක් සම්බන්ධ වී ඇතැයි අනාවරණය වු අතර එම පුද්ගලයා අද(15) කාත්තන්කුඩියේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ඒ තැනැත්තා පිළිබඳ විමර්ශන සිදු කරමින් සිටිය දී එම තැනැත්තා දැක ඇති සාක්ෂිකරුවන් සිව් දෙනෙක් හමුවී තිබු අතර, ඒ සාක්ෂිකරුවන් පොදුවේ පවසන පරිදි මෙම සැකකරු වයස අවුරුදු 35-40ත් අතර වන කෙට්ටු සිරුරක් ඇති, උස අඩි 5 අඟල් 6ක් පමණ වු මුහුණ පුරා රැවුල ඇති තලෙළු පුද්ගලයෙක් බව අනාවරණය වී තිබුණි.

The post ‘කිංස්බරි’ ප්‍රහාරකයා සමඟ වෑන් රථය මිලට ගත් පුද්ගලයා අත්අඩංගුවට appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico