කෑන්ස් සිනමා සම්මාන උළෙලේ දී පුරුෂාධිපත්‍යට එරෙහිව රතු පලස මත විරෝධතා

සිනමා අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්, නළුවන් ඇතුළු සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන්ගෙන් සිදුවන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් විරෝධය පාමින්, ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලට සහභාගී වුණු නිළියෝ කිහිපදෙනෙක් රතු පලස මත විරෝධතාවක නියැලී තිබෙනවා. කාන්තා අධ්‍යක්ෂවරියන්ගේ සිනමා නිර්මාණ සෑම වසරකම බිහිවන නමුත්, ඒවා කෑන්ස් සිනමා උලෙළට ඇතුළත් නොවන බවටත්, සිනමා උළෙලේ පුරුෂාධිපත්‍ය රජයන බවටත් විරෝධතාවට එක්වුණු නිළියෝ චෝදනා කරයි.

කේට් බ්ලැන්චෙට්, ක්‍රිස්ටීන් ස්ටුවර්ට් පමණක් නොව සම්මානීය නිළි ජේන් ෆෝනඩා ඇතුළු ජනප්‍රිය හොලිවුඩ්  නිළියෝ රැසක් මෙම විරෝධතාවට එක්ව සිටියා. කෑන්ස් සිනමා සම්මාන උළෙලකදී මෙසේ විරෝධතාවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තාගත වන්නේ.

කෑන්ස් සිනමා උලෙළට යුරෝපා සහ හොලිවුඞ් සිනමා නිර්මාණ පමණක් නොව, ලොව නන්දෙසින් කැපී පෙනෙන සිනමා නිර්මාණ ඇතුළත් වනවා. එම සිනමා නිර්මාණ ඇගැයීම සිදුවෙන අතරයි සම්මාන ප්‍රදානය කෙරෙන්නේ.

 

The post කෑන්ස් සිනමා සම්මාන උළෙලේ දී පුරුෂාධිපත්‍යට එරෙහිව රතු පලස මත විරෝධතා appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico