කළුතර හොර අරක්කු නිෂ්පාදනාගාර හිමි රෝහිතගේ ගෝලයෝ මෙන්න – ඡායාරූප එළියට

රා නිෂ්පාදනයට මුවා වී නීතිවිරෝධී මත්පැන් ලීටර් ලක්ෂ ගණනින් නිෂ්පාදනය කරනු ලබන මහාපරිමාන ස්කාගාර තුනක් පසුගි දින කිහිපය තුළ කළුතර දිස්ත්‍රික්කයෙන් අත්අඩංගුවට ගන්නා ලදී.

එම ස්කාගාර පවත්වාගෙන ගිය පුද්ගලයන් සහ එහි අයිතිකරුවන් පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරීන් බවත් සමහර පුද්ගලයන් පසුගිය පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් බවත් මේ වනවිට අනාවරණය වී තිබේ.

ඔවුන් පොහොට්ටු පක්ෂයේ දේශපාලන කටයුතු සඳහා නිරන්තරයෙන්ම සහභාගී වන්නන් වන අතර කළුතර දිස්ත්‍රික්කයේ පොහොට්ටු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ සමීපතම හිතවතුන් මෙන්න දේශපාලන ගෝලයන් බවද වාර්තා වේ.

එමෙන්ම එම පක්ෂයේ දේශපාලන කටයුතුවලදී විශ්‍රාමික ජනාධිපති, වත්මන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා, රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා වැන්නන්ද ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කර ඇති බව තහවුරු වන තොරතුරුට මේ වනවිට ලැබී තිබේ.

පසුගිය දිනවල අත්අඩංගුවට ගත් ස්කාගාර තුනෙහි අයිතිකරුවන් ලෙස සැලකෙන්නේ පුද්ගල ඝාතන සඳහා සැකකරුවෙකු වන කළුවාමෝදර සුදූ නොහොත් සුදත් කුමාර සිල්වා, බී. සමන් කුමාර සිල්වා සහ ජාත්‍යන්තර මුදල් ජාවාරම් සම්බන්ධව සිංගප්පූරුවේ වසර ගණනාවක් සිර අඩස්සියේ සිට පැමිණ පුද්ගලයෙකු වන ෆ්‍රෑන්ක් නොහොත් සුදේස් සිල්වා සහ පාලහමුණි දමිත දන්ජය යන සිවුදෙනාය.

ඊට අමතරව මෙලෙස නිශ්පාදනය කරනු ලබන මත්පැන් වර්ග සැපසුම් කරුවන් ලෙස රෝහිත අබේගුණවර්ධන මහතාගේ ඥාති පුත්‍රයෙකුද වන අනූෂ නොහොත් සංකී නැමැත්තා සහ හිටපු බස්නාහිර පළාත සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව යන දෙදෙනා කරටයුතු කර ඇති බවද වාර්තා වේ.

The post කළුතර හොර අරක්කු නිෂ්පාදනාගාර හිමි රෝහිතගේ ගෝලයෝ මෙන්න – ඡායාරූප එළියට appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Thilak Priyantha
#SriLanka #News #lka

Powered by WPeMatico