“කවුද හොරා – රනිල් හොරා….” – “කවුද හොරා මහින්ද හොරා” අද පාර්ලීමේන්තුව උණුසුම්වු අයුරු.

අද(10) බැදුම්කර වාර්තාව සම්බන්දයෙන් සාකච්ජා කිරීමට කැදවු විශේෂ පාර්ලිමේන්තු සභාවාරය තුලදී එජාපයේ සහ මහින්ද පිලේ මන්ත්‍රීවරු එකිනෙකාට චෝදනාකරගනිමින් කෑකෝගැසීම හා ගුටිබැට හුවමාරු කරගැනීම නිසා දැඩි උණුසුම් තත්වයක් හටගන්නා ලදි.  හටගත් නොසන්තාවක් හේතුවෙන් පාර්ලිමේන්තුව සැසිවාරය තාවකාලිකව විනාඩි 10කට අත්හිටුවීමට කතානායක කරු ජයසූරිය මහතා කටයුතු කළේය.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ විරෝධතාවයක නිරත විය. නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා චෝදනා කරන්නේ අගමැතිවරයා කතා කරමින් සිටින විට ඔහු දෙසට යමකින් දමා ගැසූ බවයි. පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබෙනවා. ආණ්ඩුවේ හා මහින්ද පිලේ මන්ත්‍රීවරු අතර මෙම ගුටි ඇන ගැනීම සිදුව තිබෙනවා. මන්ත්‍රීවරුන්ට එලව එලවා පහරදී ඇති අතර “කවුද හොරා – රනිල් හොරා….” මහින්ද පිල විරෝධතා පාඨ කියද්දී “කවුද හොරා මහින්ද හොරා” ලෙස ආණ්ඩු පක්ෂයෙන් විරෝධතා පාඨ කියා සිටියා.

මේ අතර විරෝධතා සහ ගැටුම් හේතුවෙන් ජනවාරි මස 23 වැනිදා සවස 1.00 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කටයුතු කළා.

(වීඩියෝවක් පහතින් දැක්වෙයි)

“කවුද හොරා – රනිල් හොරා….” – “කවුද හොරා මහින්ද හොරා” පාර්ලිමේන්තුවේ රැව්දෙයි…!

“කවුද හොරා – රනිල් හොරා….” – “කවුද හොරා මහින්ද හොරා” පාර්ලිමේන්තුවේ රැව්දෙයි…!

Posted by ColomboXnews on Wednesday, 10 January 2018

The post “කවුද හොරා – රනිල් හොරා….” – “කවුද හොරා මහින්ද හොරා” අද පාර්ලීමේන්තුව උණුසුම්වු අයුරු. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico