කරාපිටියේ ළමුන් මියයාමට හේතුව දරුණු නිව්මෝනියා රෝගයක් ! #SriLanka #LKA

කරාපිටියේ ළමුන් මියයාමට හේතුව දරුණු නිව්මෝනියා රෝගයක් !

කරාපිටිය මහ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අරුණ ද සිල්වා මහතා පවසන්නේ මේ වනවිට එම මරණවලට හේතුව සොයාගෙන ඇති බවයි.

මෙම මරණවලට හේතුව මේ දිනවල දකුණේ ප්‍රදේශ කිහිපයක ව්‍යාප්තව පවතින නිව්මෝනියා රෝගයයි. එය දරුණු රෝගී තත්ත්වයක් ලෙස වාර්තා වන බවයි අරුණ ද සිල්වා මහතා පවසන්නේ.

බරපතලම ගැටලුව වී ඇත්තේ මෙම රෝගය වයස අවුරුදු 03 ට අඩු දරුවන්ට බහුල ලෙස වැළඳීමයි. පසුගිය මාස කිහිපය පුරා මාතර, හම්බන්තොට, තංගල්ල යන ප්‍රදේශවලින් මෙම රෝගය වැළඳුණු දරුවන් විශාල ප්‍රමාණයක් වාර්තා වී තිබේ. කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා වාට්ටු කිහිපයක මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් විශාල ප්‍රමාණයක් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.

මෙම නිව්මෝනියා තත්ත්වය ඉන්ෆ්ලුවෙන්සා සහ ඇඩිනෝ යන වෛරස් හේතුවෙන් ඇති වන බවයි වෛද්‍යවරයා පවසන්නේ.

කුඩා දරුවන් මෙම රෝගී තත්ත්වයෙන් ආරක්ෂා කරගැනීම සඳහා සැලකිලිමත්ව කටයුතු කරන ලෙස අරුණ ද සිල්වා මහතා සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන් රෝගී දරුවන් සිටින්නේ නම් සෙසු දරුවන්ට රෝගය බෝවීමෙන් වලක්වා ගත යුතු බවත් ජනතාව බහුලව ගැවසෙන ස්ථාවලට දරුවන් ගෙන යාමෙන් වැලකී සිටින ලෙසත් ඔහු ඉල්ලා සිටී. කැස්ස, හෙම්බිරිස්සාව, උණ, පාචනය වැනි රෝග ලක්ෂණ ඇති දරුවන් පෙර පාසල්, පාසල් යැවීමෙන් වැලකී හැකිතාක් නිවසේ රඳවා ගන්නා ලෙසයි වෛද්‍යවරයා ඉල්ලා සිටින්නේ.

UN





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico