”කරපු මෝඩ වැඩේ නිසා සිංහල ජාතියට මුළු ලෝකෙම චෝදනා කරනවා” – රනිල්

ස්වල්ප දෙනෙකුගේ විනාශකාරී ක්‍රියාවක් හේතුවෙන් සමස්ත ලෝකයෙන්ම චෝදනාවට ලක්වී සිටින්නේ සිංහල ජාතිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ඊයේ (11දා) පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින් අගමැතිවරයා මේ බව පවසා සිටි අතර මෙම ක්‍රියාව නිසා තමන් ඇතුලු වත්මන් ආණ්ඩුව ගොඩ නගා ගත් ජ්‍යාත්‍යන්තර සබදතා හට විශාල කළු පැල්ලමක් එකතුවී ඇති බවත් මෙම හේතුවෙන් රටට දැඩි පාඩුවක් සිදුවන බවත් අග්‍රාමාත්‍යවරයා කියාසිටියේය.
‘ස්වල්ප දෙනෙකුගේ විනාශකාරී ක්‍රියාවක් හේතුවෙන් සමස්ත ලෝකයෙන්ම චෝදනාවට ලක්වී සිටින්නේ සිංහල ජාතියයි. මේ සිදුවීම හරහා අප ලෝකයේ වෙනත් රටවල් සමග සංසන්දනය කිරීමේ තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ වගේම මෙය දකුණු ආසියාවේ ජීවත් වන අනෙකුත් බෞද්ධ ජනතාවටත් බලපානවා. මෙම විනාශකාරී ක්‍රියාව පිළිබඳ පණිවුඩය ඉතා ඉක්මනින් ලෝකය පුරා පැතිර ගොස් තිබෙනවා.
කොළඹ නගරයෙන් පසු සංචාරකයන් වැඩි වශයෙන්ම පැමිණෙන නගරයක් ලෙස නුවර නගරය හැඳින්විය හැකියි. එමෙන්ම සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන අරාබි ජාතිකයන්ගෙන් විශාල ප්‍රමාණයක් නුවරට පැමිණෙනවා.

The post ”කරපු මෝඩ වැඩේ නිසා සිංහල ජාතියට මුළු ලෝකෙම චෝදනා කරනවා” – රනිල් appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico