“කරන දෙයක් කරන්නේ ඉදිරිපසින්… “පොනිල්” වගේ පිටි පසෙන් කරන්නේ නෑ …” – මදු මාධවගේ හෙළිදරව්ව

“සිංහල ජාතිය කුපිත කිරීමේ කොන්ත්‍රාත්තුව ඉදිරියට අරගෙන යන සයිබර් මඩ මොළකරු මංගල බලකාය විසින් ගත් අපූරු අසාර්ථක උත්සාහයක් ගැනයි අද කතා කරන්නට වෙලා තියෙන්නේ. ඊයෙ කුලියාපිටිය ගැටුමේ මහා කුමන්ත්‍රකරු කියලා මට එරෙහිව නිර්මාණය කරන ලද ප්‍රවෘත්තිය සයිබර් අවකාශයේ ඉතා සීග්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා.
ඔවුන් මුල ඉඳන්ම වරද්දගෙනයි තියෙන්නේ. මුලින්ම කියන්න ඕනෑ මේ කුලියාපිටිය නොවෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ පාලම උඩයි මේ සිද්ධිය වෙන්නේ. අපි ඊයෙ දිවුලපිටිය දක්වා ගමන් කරමිනුයි සිටියේ. ඉදිරියේ වාහන තදබදයක් තිබුණා. ඒ නිසා අප ඉදිරියට ගිහිල්ලා එතන සිටිය පොලිස් නිලධාරියෙක් ගෙන් විමසනවා මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා. එවිට එතුමා මට කියනවා“සර් යන්න එපා ඉස්සරහට. ඉස්සරහ කලබලයක්.” ඒ නිසා අපි නැවත හැරිලා වාහනය වෙත ගියා. එය යම් කිසිවෙක් විසින් වීඩියෝ කර තිබුණා. එම දර්ශනය යොදා ගනිමින් මේ සියල්ල පිටිපස්සේ සිටියේ අපි බවට මතයකුයි මේ සූක්ෂමව මඩ ප්‍රචාරවලින් ඉදිරියට අරන් ගියේ. ඔබ ඒ වීඩියෝව හොඳින් බලන්න. සාමාන්‍යයෙන් ප්‍රහාරයකට යන කෙනෙක් ගිහින් එන පිළිවෙළක් තියෙනවා. ගහපං මරපන් කොටපන් කියලා යන කෙනෙක්ගේ අතේ යම් යම් දේවල් තියෙනවා. වීඩියෝවෙන් පැහැදිලිව පේනවා එවන්නක් නොමැති බව.
සිංහල ජාතිය වෙනුවෙන් දේශපාලනය කරන අපි පිටුපසින් ඉඳලා කිසිවක් කරන්නේ නැහැ. කරනවා නම් ඉදිරියෙන්ම ඉඳලා ඉදිරි පසින්ම ඉඳලා තමයි කරන්නේ. ඒ වගේම කළ දේ කියනවා. ඒ නිසා මේ අසාර්ථක උත්සාහය ඉතාම තරයේ ප්‍රතික්ෂේප කරනවා. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය කරන ගැටුම මේ රටේ ගෞරවනීය මිනිසුන් විසින් නොකරන නිසා ඒ ගැටුම නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන මඩ ප්‍රචාරයක් ලබාදී ඒ ගැටුම නැවත උත්සන්න කිරීමේ මංගල ප්‍රහාරය අසාර්ථක බව අපට කියන්නට වෙනවා.
ඒ වගේම මේ කතාව සහමුලින්ම බොරුවක් බව මේ වෙනකොටත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ සියලු දෙනාම දන්නවා.”

The post “කරන දෙයක් කරන්නේ ඉදිරිපසින්… “පොනිල්” වගේ පිටි පසෙන් කරන්නේ නෑ …” – මදු මාධවගේ හෙළිදරව්ව appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico