”කට විතරයි,,,අගමැති අයින් කරන්න ඔය කා…ටවත් බෑ ”-දත් දොස්තර

“දැන් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වෙනවා. මේ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් එයාලගේ නායකයාට විරුද්ධව කටයුතු කරන්නෙ නැහැ. කොහොමහරි සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසඳා ගන්නවා. අගමැතිවරයා ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් කළහොත් එම සටන මාස හයකට වැඩි කාලයක් කරගෙන යන්න සිදු වෙනවා. එවිට අපට ජනතාවට සේවා සලසන්න බැහැ. ඒ විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ධුරයේ සිටියදී පවා ඔහු ඉවත් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කළා. නමුත් ඉවත් කරගන්න බැරි වුණා. එහෙම බැරි වූ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ සිටින විට ඉවත් කර ගන්නෙ කොහොමද කියා ප්‍රශ්න කරන්න මම කැමැතියි”
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් කිසිසේත්ම නෙරපා හැරීමට විශ්වාසභංගයක් හෝ කුමන මාර්ගයක් ගෙන ආවත් කිසිවෙක්ට නොහැකිවන බව අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළහ.

The post ”කට විතරයි,,,අගමැති අයින් කරන්න ඔය කා…ටවත් බෑ ”-දත් දොස්තර appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico