ඕස්ට්‍රේලියාවෙන් හා ස්විස්ටර්ලන්තයෙන් ලාංකිකයන් 26ක් පිටුවහල් කරයි

ඕස්ට්‍රේලියාවෙන් හා  ස්විස්ටර්ලන්තයෙන් ලාංකිකයන් 26ක් පිටුවහල් කරයි

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සහ සස්විස්ටර්ලන්තයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු , එම රටවලින් පිටුවහල් කර අද  (14) උදෑසන යළිත් ආපසු ශ්‍රී ලංකාවට එවා තිබුණි .

මෙයින් ශ්‍රී ලාංකිකයන්  15 දෙනෙකු අද  අලුයම 6.20 ට පමණ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි එරටට අයත්  විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

මීට අමතරව තවත් ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු අද  (14)  උදෑසන 9.00 ට පමණ ස්විට්සර්ලන්තයේ සිට එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

මෙම පිරිස සමග එම රටවලට අයත් විශාල ආරක්ෂක භට පිරිසක් ද එම ගුවන් යානා වල පැමිණ සිටියහ .

මෙම පිරිස අතර සිංහල මෙන්ම ද්‍රවිඩ ජාතිකයන් ද සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය .

මොවුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව නිදහස් කර හැරීමට නියමිත බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පැවසීය .

( ටී.කේ.ජී.කපිල )





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico