ඔබගේ නිවසේදී/කාර්‍යාලයේදී ඇතිවන අන්තර්ජාල සම්බන්ධතා ගැටළු විසඳ ගන්නා අයුරු

අප බහුතරයක් දෙනා  අන්තර්ජාලය බිඳ වැටීමකදී විමසිලිමත්ව සොයා නොබලා අන්තර්ජාල සේවා සපයන්නා ඇමතීම බොහෝ විට දක්නට ලැබේ. එමෙන්ම ආයතනයක නම් තොරතුරු තාක්ෂණ නිළදාරියා වෙත ගැටළුව යොමු කරයි. නමුත්  පමණක් ගැටළු ඔබටම විසඳා ගත හැකිය. නැතිනම් ඔබේම නොසැලකිලිමත් කම හේතුවෙන් මෙම ගැටළු පැන නැගිය හැක.

ඔබ හට මූලිකව ඇති විය හැකි ගැටළු

  • අන්තර්ජාල සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම නොමැති වීම (No Internet Connection)
  • අන්තර්ජාල සම්බන්ධතාවය ඇති නමුදු වෙබ් පිටු බැලීමට නොහැකි වීම (Web Surfing)
  • අන්තර්ජාල සම්බන්ධතාවය ඇති නමුදු වේගය ඉතා අවම වීම හෝ විටින් විට සම්බන්ධතාවය ඇන හිටීම (Drop)

ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවය බිද වැටීමට හේතු

    • ඔබගේ Device එක (Laptop/Mobile)
    • Local area/Home Network
    • Router
    • අන්තර්ජාල සේවා සපයන්නාගේ සම්බන්ධතාවය
    • DNS / DHCP

මෙම ගැටළු නිරාකරණය කර ගැනීමට ඔබට ගත හැකි ක්‍රියාමාර්ග

 01. Device (Laptop/Mobile)

  • ඔබගේ Ethernet Cable එක නිවැරදිව ඇතිද යන්න පරීක්ෂාකාරී වන්න.
  • ඔබ WIFI මගින් සම්බන්ධ වනවා නම් WiFi module එක on කර ඇතිද යන්න පරීක්ෂා කරන්න. බොහෝ විට Laptop එකක් නම් ඔබට Function keys මගින් on කර ගත හැකිය.

  • WiFi password නිවැරදිව ඇතුලත් කරන්න.
  • Internet Adapter එක Disable කර Enable කර බලන්න
  • සියල්ලටම පසුව ඔබගේ Device එක Restart කර බලන්න. ඔබගේ පරිගණකයේ දෝෂයක් සිදු වූ විට, ඔබගේ තොරතුරු තාක්ෂණ සහයකවරයා බොහෝ විට ලබාදෙන පිළිතුර වනුයේ “Restart කර බලන්න” යනුවෙනි. පමණක් අය මෙයට සිනහ වුවත් බොහෝ  දෝෂ නිරාකරණය සඳහා ඔබගේ Device එක Restart කිරීම වඩා යෝග්‍ය වේ. අන්තර්ජාල සම්බන්ධතා ගැටළුවක් වූ විට ඔබගේ Device එක Restart කිරීම මගින් එහි DNS Flush වීම, DHCP assign වීම සහ Services Restart වීම වැනි දෑ සිදු වේ.
  1. Local Area/Home Network

ඔබගේ නිවසේ හෝ කාර්‍යාලයේදී අන්තර්ජාල ඇනහිටීමකදී පළමුව අන්තර්ජාල සේවා සපයන්නා ඇමතීමට පෙර ඔබගේ ගැටළුවක්ද යන්න සොයා බලන්න.

සාමාන්‍යයෙන් ඇතිවන ගැටළු

  1. Router එක ක්‍රියාත්මක කර නොතිබීම
  2. ඔබ WiFi හරහා සම්බන්ධ වනවා නම් WiFi adapter එක on නොකිරීම (මෙය බොහෝ විට Fn key එකත් සමග F11 වැනි key එකක් press කිරීම මගින් on කරගත හැකිය.
  3. Cables/Wires මීයන් හෝ අනෙකුත් සතුන් විසින් කා තිබීම

ඔබට ඔබගේ අන්තර්ජාල සේවා සපයන්නා  ලබාදුන් Router එක දක්වා Network එක පරීක්ෂා කිරීමට Ping කර බැලිය හැක. මෙම Ping කිරීමෙන් සිදුවන්නේ අප Router එක දක්වා Signal එකක් යැවීම සහ නැවත Router එක මගින් Signal එකක් ලබාගැනීමයි (Echo)

මෙම Ping කිරීම සඳහා පරිගණකයේ ඇති Command Prompt එක විවෘත කර

ping 192.168.1.1 (192.168.1.1 යනු ඔබගේ Router එකෙහි IP address එක වේ. මෙය වෙනස් විය හැකි අතර බොහෝ විට මෙම address එක යොදාගැනෙනු ලබයි)

මෙම Address එක සොයාගැනීම සඳහා Command prompt හී ipconfig යනුවෙන් Type කර Enter කිරීමෙන් පසුව පැමිණෙන Default gateway මගින්ද ලබා ගත හැකිය.

පහත රුපයේ ආකාරයෙන් Router එක මගින් reply නොලැබේ නම් ඔබගේ Network wiring එක පරීක්ෂා කරගන්න.

පහත රුපයේ ආකාරයෙන් Router එක මගින් reply ලැබේ නම් ඔබගේ LAN (Local area network) තුල ගැටළුවක් නොමැත.

ඉන්පසුව ping ආධාරයෙන් ඔබගේ Network එකෙන් පිටතට Signal එකක් යොමු කර බැලිය හැකිය.

මේ සඳහා ping 8.8.8.8 යනුවෙන් enter කරන්න. 8.8.8.8 යනු Google හි DNS වේ.

ඉහත රූපයේ ආකාරයෙන් reply ලැබෙයි නම් ගැටළුවක් නොමැත. එහෙත් අන්තර්ජාලය නොමැති නම්

ඔබගේ

  • Browser එක reset කිරිම
  • System date & time පරීක්ෂා කිරීම

පහත ආකාරයට Google ping කිරීම මගින් reply නොලැබේ නම් ඔබගේ Router එකෙහි හෝ එහි Settings මෙන්ම අන්තර්ජාල සේවා සපයන්නාගේ ගැටළුවක් විය හැකිය. මේ සඳහා ඔබහට අන්තර්ජාල සේවා සපයන්නා ඇමතිය යුතු වේ.

අන්තර්ජාලය විටින් විට විසන්ධි වීම

සපයන්නාගේ ගැටළුද බලපෑ හැකිය. මෙහිදීද Ping කිරීම මගින් Drop (timeout) වීම බලා  ගත හැකිය.

ping 8.8.8.8 -t මගින් පැමිණෙන reply screenshot එකක්ද අන්තර්ජාල සේවා සපයන්නා වෙත ඉදිරිපත් කිරීම සඳහා තබාගන්න.

The post ඔබගේ නිවසේදී/කාර්‍යාලයේදී ඇතිවන අන්තර්ජාල සම්බන්ධතා ගැටළු විසඳ ගන්නා අයුරු appeared first on TechWire.





Source From techwire
Author: Asanka Abeywickrema
#SriLanka #News #lka

Powered by WPeMatico