එජාප මන්ත‍්‍රීවරු හිටපු නාගරික කොමසාරිස්ගේ ස්ථාන මාරුව අවලංගු කරන්නැයි ඉල්ලයි.

කොළඹ හිටපු නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතාගේ ස්ථාන මාරුව අවලංගු කර නැවත නාගරික කොමසාරිස් ධූරයට පත්කරන ලෙස ඉල්ලා එම නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ. සී ලෝගේෂ්වරන් මහතාගෙන් ලිඛිතව ඉල්ලා ඇත. හිටපු නාගරික කොමසාරිස්වරයා සිය ධූර කාලයේදී 2015 වසරේ සිට මේ දක්වා ඉතා කාර්යශූර සහ අවංකව සේවය කළ නිළධාරියෙක් බව එම මන්ත්‍රීවරුන් පිරිස වැඩිදුරටත් සදහන් කරයි.
කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 31දෙනෙකුගෙන් යුත් අත්සනින් යුත් ලිපියකින් මෙම ඉල්ලීම සිදුකර තිබෙන අතර මෙම ලිපියට ඇහුම්කන් දී තම ඉල්ලීම ඉටු නොකළහොත් ඉදිරියේදී එම තීරණයට එරෙහිව දේශපාලනමය වශයෙන් දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවද සදහන් කර ඇත.

The post එජාප මන්ත‍්‍රීවරු හිටපු නාගරික කොමසාරිස්ගේ ස්ථාන මාරුව අවලංගු කරන්නැයි ඉල්ලයි. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico