එජාපය දිගටහරහට සිරිසේනගේ ගෙරවුම් නොසලකා නැවතත් විවේචනය කරයි

දුෂණ වංචා ගැන කතා කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ශක්තිය අරන් දුන්නේ එක්සත් ජාතික පක්‍ෂය බවත් එසේ නොවන්නට ඔහු අද ඉන්නේ පොලොව යට බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමන් පවසයි.
‘එනිසා ඒ ගැන ඔබතුමා අපට පින් දිය යුතුයි’ යනුවෙන්ද මන්ත‍්‍රිවරයා කීය.
ඔහු මෙසේ පැවසුවේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් බොරැල්ලේදී අද පැවති එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රචාරක ජන හමුවක් අමතමිනි.
ජනාධිපතිවරයා එජාපයේ දුෂිතයන් සෙවීමට කලින් ශ‍්‍රිලනිපයේ ඔහු වටා සිටින දුෂිතයන් පිරිස එලවා ආදර්ශයක් දිය යුතු යයිද මන්ත‍්‍රීවරයා කීවේය.
බාල තෙන් ගෙන්වූ අය, විදේශ සේවා කාර්යාලයෙන් මුදල් වංචා කල අය, සමෘද්ධිය ගසා කෑ අය, මැතිවරණ වේදිකා ගිනි තැබූ අය, ගුරුවරුන් දණ ගැස්වූ අය, හම්බන්තොටදී තුවක්කු උස්සාගෙන ආ අය ඉන්නේද ශ‍්‍රීලනිපයේ බවත් මුලින්ම ඔවුන් පක්ෂයෙන් ඉවත් කල යුතු බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

The post එජාපය දිගටහරහට සිරිසේනගේ ගෙරවුම් නොසලකා නැවතත් විවේචනය කරයි appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico