එංගලන්තය පරදා ක්‍රෝඒෂියාව අවසන් මහා තරගයට…

2018 පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ක්‍රොඒෂියාව සමත්වී තිබේ.

ඊයේ (11) එංගලන්ත පාපන්දු කණ්ඩායම හා ක්‍රොඒෂියා පාපන්දු කණ්ඩායම අතර පැවති තරඟයෙන් ගෝල දෙකට එකක් ලෙස ජය ගැනීමට ක්‍රොඒෂියාව සමත් විය.  ඒ අනුව මේ මස 15 වැනිදා මොස්කව් නුවරදී පැවැත්වෙන අවසන් මහ තරගයේදී ප්‍රංශයට එරෙහිව ක්‍රොඒෂියාව තරග බිමට පිවිසීමට නියමිතය.

අවසන් මහ තරගය කරා පැමිණි ගමනේදී සිය අපරාජිත බව රැක ගැනීමටද ක්‍රොඒෂියානු ක්‍රීඩකයෝ සමත් වූ අතර ඔවුන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් පළමු අවස්තාව ලෙසද මෙය ඉතිහාසයට එක් විය.

The post එංගලන්තය පරදා ක්‍රෝඒෂියාව අවසන් මහා තරගයට… appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico