එංගලන්තය පරදා ක්‍රොඒෂියාව අවසන් මහ තරගයට

ගෝල 2-1 කින් එංගලන්තය පරදා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රොඒෂියාව  ඊයේ (11) සමත් විය. ඒ අනුව මේ මස 15 වැනිදා මොස්කව් නුවරදී පැවැත්වෙන අවසන් මහ තරගයේදී ප්‍රංශයට එරෙහිව ක්‍රොඒෂියාව තරග බිමට පිවිසීමට නියමිතය. ඔවුන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් පළමු අවස්තාව ලෙසද මෙය ඉතිහාසයට එක් විය.

තරගය ආරම්භ වී මිනිත්තු 5 කට පසු එංගලන්තයට හිමිවූ නිදහස් පහර ගෝලයක් බවට පරිවර්ථනය කරගත් කිරන් ටි්‍රපියර්, එංගලන්තයට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආවද දෙවැනි භාගයේ තරගයට අවතීර්ණ වූ ක්‍රොඒෂියා ක්‍රීඩක අයිවන් පෙරිසික් 68 වැනි මිනිත්තුවේදී ලබාගත් ගෝලයත් සමගින් ගෝල 1-1 ක් ලෙස තරගය සමකරගත් ක්‍රෝඒෂියාව, අවසන් මහ තරගය පිවිසීමට බලාපොරොත්තුවක් තබා ගත්තේය.

මෙවර තරගාවලියේ ‘ඩී’ කාණ්ඩය යටතේ තරග වැදුණු ක්‍රොඒෂියාව අපරාජිතවම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගනිමින් ක්‍රොඒෂියාවේ පාපන්දු ඉතිහාසය නැවත ලියමින් සිටියි. පළමු වටයේ සහභාගී වූ තරග 3 ම ජය ගනිමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් ක්‍රොඒෂියාව එහිදී ඩෙන්මාර්කයට එරෙහිව පැවැති තරගය දඬුවම් පහර 3-2 කින් ජයගනිමින් අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගත්තේය. සත්කාරක රුසියාවද දඬුවම් පහර 4-3 කින් පරාජයට පත් කරමින් අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රොඒෂියාව ඊයේ (11) එංගලන්තය අතේ තිබූ තරගයද ගෝල 2-1 ක් ලෙස ජය ගනිමින් ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ පළමු වරට අවසන් මහ තරගයකට සුදුසුකම් ලබා ගත්තේය.

The post එංගලන්තය පරදා ක්‍රොඒෂියාව අවසන් මහ තරගයට appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico