“උතුර කැළඹීලා… මේ රජයට පාලනය කර ගන්න බැරිවෙලා… කරුණාකර මැදිහත් වෙන්න…” – විග්නේශ්වරම් බි‍්‍රතාන්‍යට කියයි

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් පවසන්නේ උතුරේ ගැටලු විසඳීම වෙනුවෙන් ඉදිරියේදී ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බවයි.
දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ හා පොදු රාජ්‍ය මණ්ඩලයේ කටයුතු පිළිබඳ බි‍්‍රතාන්‍ය නියෝජ්‍ය ඇමති ජොයිස් එන්ලි හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත.
උතුරු පළාත තුළ සිදුවන සිදුවීම් රජයට පාලනය කරගත නොහැකි තත්ත්වයක් පෙන්නුම් කරන බවත් ඒවාට ලබාදෙන විසඳුම් ද පිළිගත හැකි ඒවා නොවන බවත් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ.
ඔහු වැඩිදුරටත් පවසන්නේ එදා සිට යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ දේශීය යාන්ත‍්‍රණයක් තුළ සිදුවන දේ පිළිගැනීමට සියලූ දෙනා එකඟ නොමැති නිසා බවයි.
මේ අතර බි‍්‍රතාන්‍ය නියෝජ්‍ය ඇමතිවරිය පවසා ඇත්තේ ඉදිරි වසර 3ක කාලය තුළ උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමට බි‍්‍රතාන්‍ය රජයෙන් ස්ටර්ලින් පවුම් මිලියන 1යි දශම 4ක මුදලක් ලබාදෙන බවයි.

The post “උතුර කැළඹීලා… මේ රජයට පාලනය කර ගන්න බැරිවෙලා… කරුණාකර මැදිහත් වෙන්න…” – විග්නේශ්වරම් බි‍්‍රතාන්‍යට කියයි appeared first on Medaperadiga.

Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico