උතුරේ තොරතුරු පාලනය විගිගේ අතට..?

උතුරේ යුද හමුදාවට තමන්ගෙන් නොවිමසා කිසිදු තොරතුරක් ලබා නොදෙන්නැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් පවසයි.ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කිලිනොච්චි ඩිපෝ මන්සංධියේ දී ආබාධිත වූවන් වෙනුවෙන් ඉදි වූ සංවර්ධන මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ පැවසී ය.”මම කියන්න කැමතියි උතුරේ සියලු රාජ්‍ය නිලධාරීන්ට යුද හමුදාව තොරතුරු ඉල්ලන්න ආවොත් දෙන්න එපා කියලා එහෙම ඇවි තොරතුරු ඉල්ලුවොත් ඔබතුමාල එයාලට කියන්න උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා දැනුම් දීල තියෙන්නේ කිසිම තොරතුරක් එතුමන්ගෙන් විමසීමක් කරන්නැතුව දෙන්න එපා කියල තියෙන්නෙ කියලා මගෙන අහලා අවශ්‍ය තොරතුරු දෙන්නම් කියලා එයාලට කියන්න.ඒ වගේම මේ පළාත මධ්‍යම රජයෙන් එක පලානයක් සිද්ධ වෙනවා පළාත් සභාවෙන් තවත් පාලනයක් සිද්ද වෙනවා මේ දෙකටම අමතරව තුන්වනුව තවත් පාලනයක් විදිහට ආණ්ඩුකාරවරයාගේ පාලනයත් ඇවිල්ලා මේ සියලු පාලනයන්ගෙන් අපහසුතාවයට පත්වෙන්නේ අපේ ජනතාවයි මේ හේතු නිසා තමයි අපි මුල සිටම ෆෙඩරල් පාලනයක් ඉල්ලන්නේ මීට අමතරව ලංකාවේ පලාත් නවයෙම ස්වයං පාලනයකුත් අවශ්‍යයි කියලා ඉල්ලීමකුත් කරන්න ඕනෑ.”

The post උතුරේ තොරතුරු පාලනය විගිගේ අතට..? appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico